ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් ඇරෙයි

ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් (21) දින විවෘත කල බව ඒම ජලාශභාර ඉංජිනේරුවන් පවසනවා.

තවදුරටත් එම ප්‍රදේශවලට අධික වර්ෂාවක් පතිත වුවහොත් ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වීම හේතුවෙන් ජලාශ වේල්ලට පහළින් කොත්මලාඔය දෙපස පදිංචිකරුවන් සැළකිලිමත්ව සිටින ලෙස දැනුම් දී තිබෙනවා .