ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය අද (19) පෙරවරු 11.30ට නිකුත් කර ඇති අතර එය හෙට (20) අලුයම 1.30 දක්වා වලංගු වේ.

ඒ අනුව මධ්‍යම, සබරගමුව, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලට මෙන්ම කුරුණෑගල, යාපනය, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ජනතාවට මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබේ.

අදාළ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින අතර, තාවකාලික තද සුළං ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.