විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට

විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බව ජාතික පද්ධති ක්‍රියාකරු (පුද්ගලික) සමාගම පවසනවා.

දිවයින පුරා විදුලි සැපයුම ද කඩිනමින් යථා තත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි සමාගම වැඩිදුරටත් සදහන් කරන්නේ.

සම්ප්‍රේෂණ ජාලයේ ඇති වූ ප්‍රධාන පද්ධති දෝෂයක් හේතුවෙන් අද (17) පෙරවරු 11.45ට පමණ දිවයින පුරා විදුලි සැපයුම බිඳවැටී තිබුණි