ආසියාවේ අන්තර්ක්‍රියාකාරීත්වය සහ විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ සමුළුවේ (CICA) 7 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා දූත පිරිසක් හෙට (14) අසර්බයිජානය බලා පිටත්ව යාමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
අසර්බයිජානයේ බාකු නුවරදී හෙට(14) සහ අනිද්දා(15) දිනවල පැවැත්වෙන මෙම සමුළුව “ශක්තිමත් CICA සංසදයක්: ආසියානු කලාපයේ සම්බන්ධතාව, ඩිජිටල්කරණය සහ තිරසාර වර්ධනය” යන තේමාව යටතේ පැවැත්වේ. එහිදී අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකාවේ ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම සංචාරය අතරතුරදී අමාත්‍යවරයා කසකස්තානය, උස්බෙකිස්තානය සහ ටජිකිස්තානය ඇතුළු සාමාජික රටවල නියෝජිතයන් සමඟ ද, සත්කාරක රට වන අසර්බයිජානයේ නායකයන් සහ CICA මහලේකම්වරයා සමඟ ද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
දකුණු ආසියාව, අග්නිදිග ආසියාව, මධ්‍යම ආසියාව සහ මැදපෙරදිග කලාපවල රටවල් 28ක් නියෝජනය කරමින් රාජ්‍ය හා රජයේ නායකයන් සහ විදේශ අමාත්‍යවරුන් මෙම සමුළුවට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පුළුල් ආසියානු කලාපය සමඟ ශ්‍රී ලංකාවේ සබඳතා ශක්තිමත් කර ගැනීමටත්, මධ්‍යම ආසියාවේ වේගයෙන් වර්ධනය වන ආර්ථිකයන් සමඟ නව ආර්ථික හවුල්කාරිත්වයන් ඇති කර ගැනීමටත් මෙම සංචාරය වැදගත් අවස්ථාවක් වනු ඇත.
CICA යනු ආසියානු කලාපය තුළ සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා සහයෝගීතාව වර්ධනය කිරීම අරමුණු කරගත් කලාපීය අන්තර් රාජ්‍ය සංසදයකි.

