දිවයිනට බලපා ඇති වැසි තත්ත්වයන් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 5,747ක් බලපෑමට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 166කට අයත් පවුල් 1,594කට පුද්ගලයින් 5,747ක් මෙලෙස බලපෑමට ලක්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.
මෙම අහයපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ 08ක් ද වාර්තා වී ඇති අතර එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇත.
එමෙන්ම තවත් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා ඇත.
පවතින මෙම ආපදා තත්ත්වයන් හමුවේ පූර්ණ නිවාස හානි 04ක් සහ අර්ධ නිවාස හානි 953ක්ද වාර්තා වී ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

