Isaias සුළි කුණාටුව ෆ්ලොරිඩාවට කඩා වදී

Isaias (‘ඉසායාස්’) සුළි කුණාටුව ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට ඇතුළු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සිකුරාදා සවස ෆ්ලොරිඩා හි බටහිර ප්‍රදේශයට (panhandle) කඩා වැදීමට පෙර, පැයට සැතපුම් 110 (පැයට කිලෝමීටර 175) ක වේගයෙන් හමන සුළං සහිතව මෙම කුණාටුව තරමක් දුර්වල වී ‘වර්ගීකරණය 2’ (Category 2) මට්ටමේ සුළි කුණාටුවක් බවට පත්ව තිබුණි.

කුණාටුව හේතුවෙන් සමහර ප්‍රදේශවල අඩි 9ක් (මීටර් 2.7ක්) දක්වා ජල මට්ටම ඉහළ යා හැකි ජීවිතවලට තර්ජනයක් වන කුණාටු රළ (storm surge) ද ඇති විය හැකි බවටයි කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත්තේ.

මේ නිසා සමඟ ෆ්ලොරිඩා, ඇලබාමා සහ ජෝර්ජියා යන ප්‍රාන්ත හදිසි තත්වයන් ප්‍රකාශයට පත් කර ඇත.

එසේම ෆ්ලොරිඩා සහ ඇලබාමා යන ප්‍රාන්ත දෙකම අනිවාර්ය ඉවත් කිරීමේ නියෝග ක්‍රියාත්මක කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

කුණාටුවෙන් දැඩි ලෙස බලපෑමට ලක්විය හැකි ප්‍රධාන ප්‍රාන්තවල (counties) සිටින පදිංචිකරුවන් නොවන පුද්ගලයින්, සංචාරකයින් සහ අමුත්තන් සඳහා මෙලෙස අනිවාර්ය ඉවත් වීමේ නියෝගයක් ඇලබාමා ආණ්ඩුකාර කේ අයිවි (Kay Ivey) විසින් නිකුත් කර ඇත.

පැසිෆික් සාගරයේ පවතින ‘එල්-නිනෝ’ තත්වයන් හේතුවෙන් බොහෝ දුරට ප්‍රමාද වූ අත්ලාන්තික් සුළි කුණාටු සමයේ හටගත් පළමු සුළි කුණාටුව වන්නේ ‘ඉසායාස්’ ය.