සැප්තැම්බරයේ මේ දක්වා සංචාරකයන් 107,093ක් දිවයිනට

සැප්තැම්බර් මාසයේ මුල් දින 20 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 107,093ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 32,536ක් පැමිණ ඇති අතර, එය සමස්තයේ 30%ක් වනවා.

එමෙන්ම, එක්සත් රාජධානියෙන් 7,906ක් සහ ඔස්ට්‍රේලියාවෙන් 7,393ක් ද මෙම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

මේ අතර 2026 ජනවාරි 01 සිට සැප්තැම්බර් 20 දක්වා සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,642,215ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අතරින් ඉන්දියාවෙන් 418,019ක් සහ එක්සත් රාජධානියෙන් 157,895ක් සංචාරකයින් පැමිණ ඇත.