ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල මේ වන විට සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.

ඒ ඉරානය සහ අමෙරිකාව අතර පවතින යුදමය නොසන්සුන්තාව උත්සන්න වීම හේතුවෙනුයි.

ඒ අනුව අද (11) උදෑසන වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 108 සීමාව ද ඉක්මවා ගොස් තිබේ.

බ්‍රෙන්ට් තෙල් මිල ඉහළ යාමට සමගාමීව අමෙරිකානු වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් (WTI) බොරතෙල් බැරලයක මිල ද ඩොලර් 103.34 දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම මර්බන් (Murban) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 122.48 ක් ලෙස සටහන් වී ඇත.