වසරේ මේ දක්වා කාල සීමාව තුළ දිවයින පුරා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 93,381 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එසේම ඩෙංගු රෝගය වැළඳීමෙන් මියගිය සංඛ්‍යාව 71ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අගෝස්තු මාසයේ ගතවූ දින 20ක කාලය තුළ පමණක් දිවයින පුරා ඩෙංගු රෝගීන් 8,043 දෙනෙකු වාර්තා වී ඇත.
ජූලි මාසයේදී රෝගීන් 29,964 සහ ජූනි මාසයේදී රෝගීන් 21,533ක් වාර්තා වී ඇති අතර ඒ හා සසඳන විට අගෝස්තු මාසයේ යම් අඩුවීමක් දක්නට ලැබෙන බවද සඳහන්.

