මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද

මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද (18) වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

අද සිට දින 5ක් අඛණ්ඩව කුඹල් පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතයි.

ලබන 23 වන දින සිට රන්දෝලි පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිතය.

මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර ලබන 27 වන දින රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ.