ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 92,011ක් දක්වා ඉහළට

මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 92,011ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මින් වැඩිම රෝගීන් වාර්තා වන්නේ, බස්නාහිර පළාතෙන් වනවා.

එසේම වසරේ මේ දක්වා සිදු වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 68ක් වනවා.

තවදුරටත් ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 119 ක් පවතින බව, ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ ය.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර සඳහන් කළේ පසුගිය මාසවලට සාපේක්ෂව ඩෙංගු රෝගීන් වාර්තා වීමේ අඩුවක් තිබුණ ද ඉදිරියේදී පැමිණෙන ඊසාන දිග මෝසම් සුළං හමුවේ ඒ පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කළයුතු බවයි.