ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් මෙරටට සුනාමි අවදානමක් නැහැ

ඉන්දුනීසියාවේ මධ්‍යම දූපත් සමූහය ආසන්නයේදී අද (15) අලුයම 3.28ට රික්ටර් මාපකයේ 7.7ක අගයකින් යුත් ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කර ඇත්තේ භූ කම්පනයෙන් අනතුරුව රික්ටර් මාපකයේ 5.9, 5.6 සහ 6.1 යන අගයන්වලින් පසු කම්පන 3ක්ද සිදුව ඇති බවය.

ඒ අනුව එරටට සුනාමි අනතුරු ඇඟවීමක් ද එරට ජාතික භූ විද්‍යා ඒජන්සිය විසින් නිකුත් කර තිබෙනවා.

කෙසේවෙතත් මෙමගින්  මෙරටට සුනාමි අවදානමක් නොමැති බවයි මෙරට ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.