ජූලියේ නිල විදෙස් සංචිත ප්‍රමාණය ඉහළට

මෙරට සමස්ත නිල විදෙස් සංචිත ජූලි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 6,591ක් ලෙස සටහන්ව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

එය පසුගිය ජූනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේදී සුළු වැඩිවීමක් වන අතර පසුගිය ජුනි මාසයට සාපේක්ෂව 2.017%ක වැඩි වීමකි.

ජුනි මාසයේදී මෙරට විදෙස් සංචිත අමෙරිකානු ඩොලර් මිලියන 6,458ක් ලෙස සටහන් වී තිබුණි.

ඒ අනුව ඩොලර් මිලියන 133ක ඉහළ යාමක් පෙන්නුම් කරමින් පසුගිය ජූලි මාසයේදී මෙරට සමස්ත සංචිත ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 6,591ක් වාර්තා කර ඇත.