2026 වර්ෂය සඳහා රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල්වාරයේ නිවාඩු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර සිංහල හා දෙමළ පාසල් සඳහා හෙට (07) දිනයෙන් අවසන් වීමට නියමිතයි.
මුස්ලිම් පාසල් සඳහා සැප්තැම්බර් මස 2 වන දින අවසන් වනු ඇත.
සියලුම පාසල් සඳහා තෙවන පාසල් වාරයේ දෙවන අදියර සැප්තැම්බර් මස 7 වන සඳුදා දින ආරම්භ වීමට නියමිත අතර, දෙසැම්බර් 4 වන දින තෙවන පාසල් වාරය අවසන් වේ.
2026 – අ.පො.ස. (උසස් පෙළ) විභාගය අගෝස්තු මස 10 සිට සැප්තැම්බර් මස 05 දක්වා පැවැත්වීමට නියමිතයි.

