තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

පළාත් කහිපයක් සඳහා තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

මෙම නිවේදනය හෙට (07) පෙරවරු 11.30 දක්වා වලංගු වෙයි.

එහි දැක්වෙන්නේ,දිවයින හරහා පවතින සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් උතුරු – මැද, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි.