අද මහනුවර සහ නුවරඑළිය රජයේ පාසල්වලට නිවාඩුවක්

අධික වැසි තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම රජයේ පාසල් අද (04) දින වසා තැබීමට තීරණය කර තිබෙනවා.

අඛණ්ඩව පවතින වර්ෂාපතනය සහ හදිසි කාලගුණ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් පාසල් දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගනිමිනුයි මෙම තීරණය ගෙන ඇත.