අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑලියේ පුද්ගලයින් 2,331 දෙනෙකු පීඩාවට

අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5ක පවුල් 581කට අයත් පුද්ගලයින් 2,331 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පවසනවා.

අද (03) 4.00 පමණ වන විට මෙම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 06 දෙනෙක් අතුරුදන්ව ඇති බව ද දිස්ත්‍රික් ‍ලේකම්වරිය සඳහන් කරනවා.

මේ අතර ගංවතුරට හසුවීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් සහ නායයාම හේතුවෙන් අතුරුදන් පුද්ගලයින් 04ක් වනවා.

මෙම සිදුවීමෙන් තුවල ලද පුද්ගලයන් තිදෙනෙක් සිටින බවයි ඇය පැවසුවේ.

විපතට පත් පවුල් 439කට අයත් පුද්ගලයින් 1,743 දෙනෙක් මේ වන විට සුරක්ෂිත මධ්‍යස්ථාන 07ක රඳවා තබා ඇති අතර ඔවුන්ට අවශ්‍ය සහන සැලසීමේ කටයුතු ක්‍රියාත්මක කෙරෙන බවයි දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියේ.