ඊයේ දිනයට සාපේක්ෂව අද (24) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රු. 331.64 සිට රු. 331.62 දක්වා අඩු වී තිබේ.
ඇමරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය ද රු. 340.87 සිට රු. 340.79 දක්වා අඩු වී තිබේ.

