දෙවන පාසල් වාරය අදින් අවසන්

2026 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා දෙවන පාසල් වාරය අදින් (24) අවසන්වනවා.

ඒ අනුව තෙවන පාසල් වාරයේ පළමු වන අදියර එළැඹෙන සඳුදා (27) ආරම්භ වන බවයි නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර සිටියේ,

මේ අතර මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරය ජූලි 31 වැනිදා අවසන් වන බවත්, තෙවන පාසල් වාරයේ පළමු වන අදියර අගෝස්තු 3වැනිදා ආරම්භ වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.