රුපියලේ සුළු පහළ යෑමක්

පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද (20) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රු. 331.42 සිට රු. 331.50 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඇමරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය ද රු. 340.78 සිට රු. 340.90 දක්වා ඉහළ ගොස් තිබේ.