වැසි තත්ත්වය:
මීගමුව සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැක.
සුළඟ:
සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ, ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි විය හැක. ත්රිකුණාමලය සිට මුලතිවු හරහා කන්කසන්තුරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක.
මුහුදේ ස්වභාවය:
හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ, ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශ විටින් විට රළු වේ. ත්රිකුණාමලය සිට මුලතිවු හරහා කන්කසන්තුරේ දක්වා වන මුහුදු ප්රදේශ විටින් විට තරමක් රළු විය හැක.

