රුපියලේ සුළු ඉහළ යෑමක්

බ්‍රහස්පතින්දා දිනයට සාපේක්ෂව අද (17) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ මිල රුපියල් 331.67 සිට රුපියල් 331.42 දක්වා අඩු වී තිබේ.

ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල ද රුපියල් 341.08 සිට රුපියල් 340.78 දක්වා අඩු වී තිබේ.