ඩෙංගු රෝගීන් ගණන් 73,000ක් දක්වා ඉහළට

වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 73,455ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එසේම මෙම කාලය තුළ ඩෙංගු මරණ 50ක් වාර්තා වී ඇත.

ඊයේ (16) දිනට පමණක් රෝගීන් 1,025ක් වාර්තා වී ඇත.

මින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 38,700ක් ලෙස සටහන් වී තිබේ.

බස්නාහිර පළාතේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 15,341ක් ලෙසද දැක්වේ.

එසේම කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 14,625ක්ද වාර්තා වී තිබේ.

මේ අතර ජූලි මාසයේ ගතවූ දින 16 තුළ රෝගීන් 18,076ක් වාර්තා වී ඇත.