බොරතෙල් මිල 9%කටත් වඩා ඉහළට

මැදපෙරදිග නැවතත් උද්ගත ව ඇති තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 9%කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙනවා.

ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 7.29කින් හෙවත් 9.59%කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 83.30ක් ලෙස සටහන් ව ඇත.

WTI බොරතෙල් මිල ඩොලර් 6.73කින් හෙවත් 9.42%කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 78.14ක් ලෙස සටහන්ව තිබේ.

බ්‍රෙන්ට් බොරතෙල් මිල ජූනි 12 වැනිදායින් පසු සටහන් වූ ඉහළම මිල වනවා.