ජුනි විදෙස් සංචිත පහළට

මෙරට විදෙස් සංචිත පසුගිය මැයි මාසයට සාපේක්ෂව ජුනි මාසයේදී පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති වාර්තාවක දැක්වෙනවා.

ඒ අනුව ජුනි මාසයේදී මෙරට පැවති සංචිත ලෙස සටහන් වී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 6,450ක් වන අතර එය පසුගිය මැයි මාසයට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් මිලියන 431ක පහත වැටීමක් වනවා.

පසුගිය මැයි මාසයේදී මෙරට සමස්ත සංචිත අමෙරිකානු ඩොලර් මිලියන 6,881ක් වනවා.

විදෙස් මුදල් සහ රන් සංචිත පහළ යාම හේතු වී ඇති බවයි මහ බැංකු වාර්තාවේ දැක්වෙන්නේ.