බස්නාහිරින් පමණක් ඩෙංගු රෝගීන් 35,000ක්

බස්නාහිර පළාතෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 35,000 සීමාවට ආසන්න වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එසේම වසරේ මේ වන විට වාර්තාවන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 66,064කි.

මේ වසරේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,556ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,355ක්, මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,699ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,425ක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය. 

මේ අතර දකුණු පළාතෙන් වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 10,372ක් බව සඳහන් වෙයි.

ඩෙංගු මරණ සංඛ්‍යාව 46 දක්වා ඉහළ ගොස් තිබේ.