මීගමුව බන්ධනාගාරයේ ඇතිවු කලබලකාරි තත්වයෙන් පසුව අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට මාරුකර එවන ලද රැඳවියකු ඊයේ (07) රාත්‍රි මියගොස් ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසනවා.
මෙම රැඳවියා අසාධ්‍ය තත්වයෙන් පසුවීම නිසා ප්‍රතිකාර ලබාදිමට බන්ධනාගාර නිලධාරින් විසින් රෝහලට ඇතුළත් කිරිමෙන් පසු ඊයේ (07) රාත්‍රි 10.15ට පමණ මිය ගොස් තිබෙනවා.
එම රැඳවියාගේ මහේස්ත්‍රාත් පරික්ෂණය සහ පශ්චාත් මරණ පරික්ෂණයද අද (08) පැවැත්විමට නියමිත අතර අඟුණකොලපැලැස්ස පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනවා.
මේ අතර, මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් පසු බූස්ස බන්ධනාගාරයට මාරුකරන ලද තවත් රැඳවියකු ඊයේ (07) රාත්රියේදී හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ගාල්ල රෝහලට ඇතුළත් කර සිටියදී මියගොස් ඇතැයි ද වාර්තා වුණා.

