උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇතැයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව www.doenets.lk සහ www.results.exams.gov.lk වෙබ් අඩවි හරහා එම ප්‍රතිඵල පරීක්ෂා කළ හැකිය. 

1911 ක්ෂණික ඇමතුම් අංකය හෝ 011 27 84 208, 011 27 84 537 සහ 011 27 85 922 යන පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව හරහා යම්කිසි විමසීමක් හෝ ගැටලුවක් පවතින්නේ නම් සිදු කළ හැක.