ඩෙංගු රෝගීන් ගණන 56,000 ඉක්මවයි

වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,000 ඉක්මවා ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඒ අනුව වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,422ක් වී ඇත.

එසේම වාර්තා වූ මරණ 35 දක්වා ඉහළ ‌ගොස් ඇත.

මේ අතර ගත වූ පැය 24ක කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 1,025ක් වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි.