පසුගිය වසරේ ජූනි මාසයට සාපේක්ෂව මේ වසරේ ජූනි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 9.9%කින් පහත වැටී ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
ඒ අනුව ජුනි මාසෙය් දී මෙරට සංචාරය කර ඇති සමස්ත විදේශිකයින් සංඛ්‍යාව 138,241ක් වනවා.
මේ අතරින් සංචාරකයින් 43,423ක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එය සමස්ත ප්‍රමාණයෙන් 35%කි.
එසේම පසුගිය මාසයේ එක්සත් රාජධානියෙන් සංචාරකයින් 10,474ක්, ඔස්ට්‍රේලියාවෙන් 8,710ක්, චීනයෙන් 8,224ක් සහ එක්සත් ජනපදයෙන් සංචාරකයින් 3,806ක් මෙරටට පැමිණ ඇත.
මේ සමඟම මේ වසරේ ගෙවුණු මාස කිහිපය තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ගණන 1,146,573ක් දක්වා ඉහළ ගොස් තිබේ.

