අද සිට දිවයින පුරා දින 3ක මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පලාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න පැවසුවේ, Clean Sri Lanka වැඩසටහන මෙන්ම දිවයින පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් එම විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනට සම්බන්ධ වන බවයි.
වසරේ ගත වූ කාල සීමාව තුළ මෙරටින් ඩෙංගු රෝගින් 55,406ක් වාර්තා වී තිබෙනවා.
ඉන් වැඩි සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ.
එමෙන්ම අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස සංඛ්‍යාව ද 124ක් දක්වා ඉහළ ගොස් ඇත.

