මෙරටින් වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 54,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
අදවන විට මෙරටින් වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 54,189ක් බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා පැවසුවේ.
එමෙන්ම දෛනිකව වාර්තාවන රෝගීන් සංඛ්‍යාව 950ත් 1,000ත් අතර වන බවද වෛද්‍යවරයා පැවසීය.
පසුගිය පැය 24 තුළ පමණක් ඩෙංගු රෝගීන් 1,030ක් වාර්තා වී ඇති අතර ඉදිරි දින තුන තුළද ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක වන බැවින් ඒ් සඳහා ජනතාවගේ සහායෝගය බලාපොරොත්තු වන බවද ඒ් මහතා පැවසීය.
මේ අතර, ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තාවන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එය 11,163ක් ලෙස දැක්වෙනවා.
තවද මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 31ක් ලෙස වාර්තා වන බවද සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පවසයි.

