කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2026 වසරේ ජුනි මාසයේ සමස්ත උද්ධමන අනුපාතය 6.8% දක්වා ඉහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මෙම අගය මෙම වසරේ මැයි මාසයේදී වාර්තා වූයේ 5.5%ක් ලෙසයි.
ආහාර උද්ධමනය ද මැයි මාසයේදී වාර්තා වූ 0.9% ට සාපේක්ෂව ජුනි මාසයේදී 3.6% දක්වා ඉහළ ගොස් තිබේ.
එසේම ආහාර නොවන උද්ධමනය ද මැයි මාසයේදී වාර්තා වූ 7.% සිට ජුනි මාසයේදී 8.4% දක්වා ඉහළ ගොස් තිබේ.

