ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි

2026 වසර පහ ශ්‍රේණියට අදාළ ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව එම අයදුම්පත්‍ර ලබන මස 08 වෙනිදා දක්වා https://onlineexams.gov.lk/eic සබැඳිය ඔස්සේ මාර්ගගතව යොමු කළ හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.

මෙවර ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 09 වෙනිදා පැවැත්වීමට සැලැසුම් කර තිබේ.

ඒ අනුව එහි දෙවන ප්‍රශ්න පත්‍රය එදින පෙරවරු 09.30 සිට 10.45 දක්වා පැවැත්වෙනු ඇත. පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 11.15 සිට 12.15 දක්වා පැවැත්වීමට සැලැසුම් කර ඇත.