ඊයේ දිනයට සාපේක්ෂව අද (26) දින ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 332.34 සිට රුපියල් 332.22 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් මිල ද රුපියල් 342.03 සිට රුපියල් 341.87 දක්වා අඩු වී තිබේ.

