පාර්ලිමේන්තුව අද (26) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතයි.
ඒ අනුව අද පාර්ලිමේන්තු කාලසටහන පහතින්,
පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර තිබෙනවා.
පෙ.ව 10.00 සිට පෙ.ව. 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට පෙ.ව 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහායි වෙන් කර තිබෙන්නේ.
පෙ. ව 11.30 සිට ප.ව 2.00 දක්වා ශ්‍රී ලංකා විදුලිබල පනත යටතේ අංක 2478/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය අනුමත කිරීම පිණිස විවාදයට ගැනීමට නියමිතයි.
අනතුරුව ආණ්ඩු පාර්ශ්වය විසින් 2026.06.25 දින ඉදිරිපත් කරනු ලැබු මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව සටන් කිරීම පිළිබඳ කල් තැබීමේ යෝජනාව, ප.ව 2.00 සිට ප.ව 5.30 දක්වා තවදුරටත් විවාදයට ගැනීමට තීරණය වී තිබෙනවා.

