ඩෙංගු මරණ 30 දක්වා ඉහළට

මාරාන්තික ඩෙංගු රෝගය හේතුවෙන් වසරේ මේ දක්වා සිදුවූ මරණ සංඛ්‍යාව 30ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එසේම සෞඛ්‍ය අංශ තහවුරු කරන පරිදි මේ වන විට දිවයිනෙන් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 49,000කට ආසන්නය.

මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 14ක් පුරා ඩෙංගු රෝගය දැඩි ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ.