මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 47,530ක් වාර්තා වී ඇති අතර, සිදුව ඇති මරණ ගණන 29ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ජුනි මාසයට පමණක් ඩෙංගු රෝගීන් 13,689ක් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ නිකුත් කර ඇති වාර්තාවේ දැක්වෙන්නේ.
මේ අතර, සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් සියයට 51.90ක් බස්නාහිර පළාතෙන් වාර්තා වෙන අතර, දකුණු පළාතෙන් සියයට 16.18ක් වාර්තා වේ.
එසේම ඩෙංගු අධි අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 112ක් මේ වනවිට හඳුනාගෙන ඇත.

