කටාර්හි විශාලතම ගෑස් කම්හලේ සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් 66 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වෙනවා.
ඉරිදා රාත්‍රියේ රාස් ලෆාන් කාර්මික කලාපයේ නගරයේ ප්‍රධාන ද්‍රව ස්වාභාවික ගෑස් (LNG) සැකසුම් ස්ථානය “තාක්ෂණික අනතුරකට” ලක් වූ බවයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.
මෙම පිපිරීම හේතුවෙන් නගරයේ අහස තැඹිලි පැහැයට හැරුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර කටාර්හි බලශක්ති අමාත්‍ය සාද් ෂෙරීඩා අල්-කාබි පැවසුවේ පිපිරීම රටේ අපනයනවලට මෙමගින් බලපෑමක් ඇති නොවන බවයි.
එසේම මෙය හදිසි අනතුරක් බවත් , සතුරු ආක්‍රමණයක් නොවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
රාස් ලෆාන් වරාය ලොව විශාලතම කෘතිම වරාය වන අතර ලොව විශාලතම LNG අපනයන පහසුකම එහි ඇත.

