බස් ගාස්තු සංශෝධනයක් නැහැ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් මිල ඉහළ දැමුවද, බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිසම (NTC) පවසනවා.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින්ද, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 20කින්ද ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගනු ලැබුවා.