විපක්ෂනායකවරයාගේ වෙසක් පණිවිඩය

අදට යෙදෙන වෙසක් පොහෝ දිනය වෙනුවෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ද වෙසක් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

එය පහතින්,

“මජ්ඣිම නිකායේ බාල පණ්ඩිත සූත්‍රයට අනුව මනුෂ්‍ය ජීවිතයක් ලැබීම අතිශය දුර්ලභ කරුණකි. ජාති, ආගම්, කුල වශයෙන් බෙදී සිටීම අර්ථ විරහිත බව බුදු රජාණන් වහන්සේ පෙන්වා දී ඇත. එබැවින් ධම්මපදයෙන් පෙන්වා දී ඇති පරිදි ‘තමන්ගේ පිහිට තමන්මය ඒ හැර අන් මගක් නොමැත’ යන මහා පාඩම මෙවර වෙසක් දිනයේ දී අපේ ජීවිතයට ළඟා කර ගැනීමට අප සියලු දෙනාම අදිටන් කර ගත යුතුය.

ශ්‍රී ලංකාවාසී ලෝවාසී ජනතාවට ශ්‍රී සුබ වෙසක් මංගල්‍යක් වේවා !!”