මෙවර ශ්‍රීපාද වන්දනා සමය වෙසක් පොහොය දිනයෙන් අවසන් වන බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියෝ පවසනවා.
එසේම වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් ශ්‍රී පාද උඩ මළුවේ ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවයි උන්වහන්සේ සඳහන් කළේ.
වෙසක් පොහොයට පසුදින එනම් 31 වනදා ශ්‍රී පාද උඩ මළුවේ පැවැත්වෙන ආගමික වතාවත්වලින් අනතුරුව උඩ මළුවේ තැන්පත් කර ඇති සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව හා දේව ආභරණ මාර්ග 4ක් ඔස්සේ පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානය දක්වා පෙරහැර මගින් වැඩම කරවීමට නියමිතයි.
එසේ වැඩම කල සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව, දේව ආභරණ ශ්‍රී පාද අවාරය අවසන් වන තෙක් එම විහාරස්ථානයේ තැන්පත් කර තැබෙනු ඇත.

