රුපියල තවත් පහළට

බදාදා දිනට සාපේක්ෂව අද (29) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, එක්සත් ජනපද ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතිකය රු. 320.40 සිට රු. 324.45 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතිකය ද රු. 330.81 සිට රු. 334.24 දක්වා ඉහළ ගොස් තිබේ.