රුසියානු ප්‍රහාරවලින් යුක්රේනයේ හතරක් ජීවිතක්ෂයට

කියෙව් සහ ඒ අවට ප්‍රදේශවලට එල්ල වූ රුසියානු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් තවත් 50 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වෙනවා.

තුවාල ලැබූවන් අතර ළමුන් තිදෙනෙකු ද සිටින බව සඳහන්.

නේවාසික ගොඩනැගිලි සහ පාසල් ඇතුළුව අගනුවර සියලුම ස්ථානවලට පාහේ මෙම ප්‍රහාරවලින් හානි වී ඇති බවයි කියෙව් නගරාධිපති විටාලි ⁠ක්ලිට්ෂ්කෝ පැවසුවේ.

සිකුරාදා ස්ටාරොබිල්ස්ක් නගරයේ ශිෂ්‍ය නේවාසිකාගාරයකට යුක්රේනය විසින් පුද්ගලයන් 18 දෙනෙක් ජිවිතක්ෂයට පත් කරමින් මාරාන්තික ප්‍රහාරයක් එල්ල කළ බවට චෝදනා කිරීමෙන් පසු පළිගැනීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ දිවුරුම් දීමෙන් පසුව මෙම පහර දීම සිදු විය.