කළු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමක

කළු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් තවදුරටත් සුළු ගංවතුර මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා

එසේම කළු ගඟ, පුටුපවුල සහ ඇල්ලගාව ප්‍රදේශවලින් තවදුරටත් ගංවතුර අවදානම් මට්ටමේ පවතින බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම අත්තනගලු ඔය ද, දූනමලේ ප්‍රදේශයෙන් ගංවතුර අවදානම් මට්ටමේ පවතී.

ඒ අවට පහත් බිම්වල වෙසෙන ජනතාව ඒ පිළිබඳ විමසිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.