අධික වර්ෂාවත් සමග දුම්රිය මාර්ගයට ගස් පෙරළීම හේතුවෙන් කැළණි වැලි සහ පුත්තලම මාර්ගවල දුම්රිය ධාවනයට බාධා මතුව ඇතැයි වාර්තා වෙනවා.
ඒ හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් සිදුවන බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ.
එසේම මාර්ගයට වැටුණු ගස් ඉවත් කිරීම සඳහා කණ්ඩායම් යොමු කර ඇතැයි ද පාලක මැදිරිය සඳහන් කළා.

