වසරේ ගත වූ කාලය තුළ වනඅලි මරණ 128ක්

පසුගිය ජනවාරි පළමු දින සිට මැයි 15 දක්වා කාලය තුළ වනඅලි මරණ 128ක් සිදුව ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා..

එහිදි වෙඩි තැබීම්වලින් වනඅලි මරණ 20ක් ද , විදුලිසැර වැදීම් හේතුවෙන් මරණ 15ක් ද , හක්ක පටස් ආහාරයට ගැනීමෙන් මරණ 10ක් සහ වගා ළිංවලට වැටීමෙන් මරණ 05ක් ද සිදුව තිබේ.

ඊට අමතරව විෂ ශරීර ගතවීම්, දුම්රියේ ගැටීම්, දියේ ගිලීම් වැනි අනතුරුවලින් ද වනඅලි මරණ සිදුව ඇත.

නැගෙනහිර කලාපයෙන් වැඩිම වනඅලි මරණ සංඛ්‍යාවක් වාර්තා වන අතර පොළොන්නරුව සහ අනුරාධපුර වන ජීවි කලාපවලින් ද වනඅලි මරණ වාර්තා වී තිබේ. 

මීට අමතරව වන අලි පහරදීම් හේතුවෙන් පුද්ගල මරණ 35ක් ද මේ වසරේ ගත වූ කාලය තුළ වාර්තා වී ඇත.