වෙසක් දන්සැල් ලියාපදිංචිය අනිවාර්යයි

එළැඹෙන වෙසක් පොහොය නිමිත්තෙන් පවත්වනු ලබන වෙසක් දන්සැල් ලියාපදිංචිය අනිවාර්ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසනවා.

ළඟම තිබෙන සෞඛ්‍ය සේවා කාර්යාලයෙන් මෙම දන්සැල් ලියාපදිංචිය සිදුකළ හැකි බවයි ඒ මහතා පැවසුවේ.

ඒ අනුව සෞඛ්‍ය සේවා කාර්යාලයෙන් ලබා දෙන උපදෙස් අනුව ඉතා සුරක්ෂිත ආහාර වේලක් පිළියෙළ කිරීමේ හැකියාව අදාළ පාර්ශ්වයන්ට පවතින බවද ඒ මහතා සඳහන් කළා.

වෙසක් පොහොස සඳහා දන්සැල් ලියාපදිංචිය පසුගිය 04 වැනි දින සිට ආරම්භ කෙරිණි.