මෙවර හජ් උත්සවය මැයි මස 28 වනදා සැමරීමට නියමිත බව කොළඹ මහ පල්ලිය ඊයේ නිල වශයෙන් නිවේදනය කළා.
ඉස්ලාමීය චන්ද්ර දින දර්ශනයේ 12 වන සහ අවසාන මාසය වන ‘දුල් හජ්’ මාසය සඳහා වන නව සඳ ඊයේ දින ශ්රී ලංකාවේ කිසිදු ප්රදේශයකට දර්ශනය වී නොමැත.
මේ හේතුවෙන්, නව මාසයේ ආරම්භය හෙවත් දුල් හජ් මාසයේ පළමු දිනය මැයි මස 19 වනදා ලෙස සලකනු ලබන අතර, ඒ අනුව මැයි මස 28 වනදා හජ් උත්සවය සැමරීමට තීරණය කර තිබේ.

