වාහන ආනයනය මත පැනවූ 50%ක අධිභාරය ගැන මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළේය.
ඒ අද (16) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
එහිදී අමාත්‍යවරයා පැවසුවේ පසුගිය මාස දෙකක කාලය තුළ ආනයන වියදම් සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව රට තුළ පවතින සංචිත කළමනාකරණය කර ගැනීම සඳහා මාස 2ක් සඳහා මෙම පියවර ගත් බවයි.
“අපිට අභියෝගයක් තියෙනවා ආනයනය සඳහා පසුගිය මාස දෙකේ ඩොලර් බිලියන 2කට වඩා පසුගිය මාස 2 වැඩිවෙලා තිබෙනවා. වාහන ආනයනයේදීත් සෑහෙන වේගයෙන් පසුගිය කාලයේ LC විවෘත වුණා. අපි තීන්දුවක් ගත්තා. මේ තීන්දුවෙදි කරන්නේ පුද්ගලික පරිහරණය කිරීම සඳහා භාවිත කරන වාහන ආනයනය කිරීමේදී මාස 3ක කාල සීමාව සඳහා අපි බදු වැඩිකරනවා. අරමුණ බවට පත්වෙන්නේ ඒ මාස 3ක කාල සීමාව සඳහා පුද්ගලික පරිහරණය කරන වාහන ආනයනය කරන වාහන ඔබට පුළුවන් නම් පමා කරන්න කියන පණිවිඩය මේ දෙන්නේ. මිල වැඩි කිරීම නෙමෙයි. තහනම් කළානම් මොකද වෙන්නේ අත්‍යවශ්‍ය කෙනෙකුට ගෙන්න ගන්න බැරිවෙනවා මොකක්ද අපි පැනෙව්වේ වාහන ආනයනය කිරීමේදී තියන තීරු බද්ද 30%යි ඒ 30%න් 50%ක් ඒ කියන්නේ 30%න් 50ක් කියන්නේ 15%යි වැඩිවෙන්නේ. 50%කින් වාහන මිල ඉහළ යනවායි කියන එක සම්පූර්ණ මිත්‍යාවක්. එහෙම වෙන්නේ නෑ. වැඩි වුණෙත් වැඩිවෙන්නේ 15%කින් ඒ වැඩිවීමක් සිද්ධ වෙන්නේ කාට හෝ පරිභෝජනය මාස 3කට කල් දරාගෙන ඉන්න බැරි අය විතරක් මේක ගෙවන්න සිද්ධ වෙනවා. ඒක පොදුවේ වෙළෙඳපොළේ මිලට බලපාන්නේ නෑ.”

